Visiting Lenabatuwa School with a valuable present for the children

On September 10, Mr. Devsiri and Mr. Ananda Hevavidana visited Lenabatuwa Vidyalaya in heavy rain and without prior notice. Mr Suresh, the school principal and the staff immediately organized a beautiful ceremony to welcome the guests. Not only the young children of the school but also the older children entertained the guests with music, dance, poetry and beautiful songs. Mr. Devsiri, who got on stage in the middle of the ceremony, surprised everyone by donating two lakhs of rupees to the Mr. Suresh to buy special costumes for the school’s band. Excited by this unexpected gift, the students applauded him for five minutes as a way of thanking him. After that, Mr. Devsiri treated the school children and teachers with delicious ice cream.

Two days before he went to England, on September 26, he returned to Lenabatua School to say goodbye to the children. Once again Mr Devsiri was warmly welcomed by the principal and the teaching staff. The school had prepared a very beautiful cake for the 35th wedding anniversary of Mr Devsiri and Mrs Ruwini. Mr. Devsiri cut the cake amidst the greetings of the sons and daughters and fed the teachers and children with delicious pieces of cake. Then the children offered Mr Devsiri handmade pretty anniversary cards.

They enthralled everyone with beautiful cultural dances and songs. At the end of the event, the school children were very happy to enjoy the delicious ice cream for the second time in the month. Finally Mr. Devsiri bid farewell to the children of Lenabatua School and promised to visit once again in January 2025.

2024 සැප් 10 දා
ලේන බටුව විදුහලේ දරුවන්ට ලොකු තෑග්ගක්
2024 සැප්තැම්බර් 10 අඟහරුවාදා උදෑසන දෙව්සිරි හා ආනන්ද හේවාවිදාන මහත්වරු ලේනබටුව විද්‍යාලයට මහ වැස්සේ පැමිණියේ කලින් දැනුම් දීමක් නොකරය . ගරු විදුහල්පතිතුමා, වසන්ති මිස් ඇතුළු ආචාර්ය මණ්ඩලය හා දරුවන් එතුමන්ලා පිළිගැනීමට ක්ෂණිකව අලංකාර උත්සවයක් සංවිධානය කළෝය. පාසලේ කුඩා දරුවන් පමණක් නොව වැඩිමහල් දරුවන්ද සංගීතයෙන් නැටුමෙන් , කවියෙන් හා මනහර සින්දුවලින් අමුත්තන් පිනවූහ. උත්සවය මැදදී වේදිකාවට ගොඩවුන දෙව්සිරි මහතා කවුරුත් පුදුමයට පත් කරමින් විදුහලේ බෑන්ඩ් කණ්ඩායමට අවශ්‍ය විශේෂ ඇඳුම් මිලදී ගැනීම සඳහා ගරු විදුහල්පති සුරේශ් මහතාට රුපියල් දෙලක්ෂයක් පරිත්‍යාග කළේය. මේ බලාපොරොත්තු නොවූ තෑග්ගෙන් උද්දාමයට පත් විදුහල් දූ පුතුන් එතුමාට විනාඩි පහක් තිස්සේ අත්පොළසන් ගසමින් තම ස්තුතිය පුද කළෝය. ඉන් පසු දෙව්සිරි මහතා විසින් පාසල් දරුවන් හා ගුරු මණ්ඩලයට අයිස් ක්‍රීම් වලින් සංග්‍රහ කරන ලදී .

ඒ මහතා ආපසු එංගලන්තයට යාමට දින දෙකකට පෙර සැප්තැම්බර් 26 වෙනිදා නැවතත් ලේන බටුව පාසලට පැමිණියේ දරුවන්ගෙන් සමු ගැනීමට ය. එම අවස්ථාවේදී ද විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් එතුමාව ඉතා හරසරින් පිළිගන්නා ලදී. දෙව්සිරි හා රුවිණි යුවළගේ 35 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් ආචාර්ය මණ්ඩලය විසින් ඉතා දර්ශනීය කේක් ගෙඩියක් පිළියෙල කොට තිබුණි. දූ පුතුන්ගේ සුබ පැතුම් මධ්‍යයේ කේක් ගෙඩිය කැපූ දෙව්සිරි මහතා රසවත් කේක් කෑලි වලින් ආචාර්ය මණ්ඩලය හා දරුවන්ට සංග්‍රහ කළේ බලවත් සතුටෙනි ඉන්පසු පුංචි ළමෝ තම අකුරෙන් ලස්සනට ලියන ලද සංවත්සර කාඩ් පත් දෙවි සිරි මහතා අතට පත් කළේ බලවත් ලොකු ප්‍රීතියකින්ය .ලේනබටුව විදුහලේ දරුවෝ නැවතත් අලංකාර නැටුම් ගැයුම්වලින් පැමිණ සිටි සියලු දෙනාම ප්‍රබෝධයට පත් කළහ. උත්සවය අවසානයේදී පාසල් දරුවන්ට දෙවන වරටත් ප්‍රණීත අයිස් ක්‍රීම් රස විඳීමට වාසනාව උදාවිය. 2025 වසරේ නැවත වරක් ලේන බටුව විදුහලේ දූ දරුවන් හමුවීමට පැමිණෙන බවට පොරොන්දු වෙමින් දෙව්සිරි මහතා ඔවුන්ගෙන් සමුගත්තේය.

Click below to enlarge the photos