Visiting Homes with New Year gifts

The Sinhala and Hindu New Year is a month full of hope for all of us. But considering the current disasters and economic conditions in the country, it was a very difficult task for the Sinhala and Hindu people to celebrate this 2024 Sinhala and Hindu New Year. The people who are unable to find money for their daily meals were not in a position to celebrate the new year in style this year

Mr. Devsiri Hewavidanaand other volunteers at UKFG had realized this . He therefore did not stop at buying new clothes and shoes for a large number of children in five schools. At the request of the principals and teachers of those schools Mr. Devsiri and Mr Ananda took food and gifts to the homes of many poor children, making them very  happy. The arrival of Mr. Devsiri, who went to the children’s homes at an unexpected time with gifts, brought surprise and happiness to the parents and children alike . Theor main purpose was to find out about the well-being of the children and their education and how the living expenses of their families were met.  Although every family they visited greeted them with smiling faces our volunteers could understand the economic difficulties  they were going through by seeing the little food on the table and their living conditions.  After witnessing the hardships these parents and children were going through, he offered  5000 rupees each to the every household so they could celebrate the New Year in Style .

At every house parents and children expressed their thanks to Mr. Devsiri and Mr. Ananda with tears of joy that contained  immense joy and gratitude.

 There are a very few words in my dictionary to describe the noble and humanitarian actions of the founder of UK Friends of Galle Mr. Devsiri , Mr. Ananda and other volunteers who are doing these kind of services throughout the year

People like them  who help the poor and destitute without expecting anything in return are very rare in our society.  It is my sole wish that all the volunteers of UKFG who carry out these noble deeds, would get the strength, courage and sound health to carry out such generous acts for many years to come

– Imasha Sathsarani –

2024 අප්‍රේල් 1

අලුත් අවුරුද්දට දෙව්සිරි මහතා තෑගි බෝග රැගෙන  දරුවන්ගේ නිවෙස් වලට යයි.

 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියන්නේ අපි හැමදෙනාම බලාපොරොත්තු වලින් පිරුණු මාසයකි. නමුත් රටේ පවතින ආපදා හා ආර්ථික තත්ත්වයන් පිළිබඳව සැලකිල්ලට ගැනීමේ දී සිංහල හා හින්දු ජනයාට මෙම2024  සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මෙවර සැමරීම ඉතා දුෂ්කර කාර්‍යක් විය . එදිනෙදා ආහාර වේල ද සපුරා ගත නොහැකිව ලතැවෙන මිනිසුන්ට මෙම උත්සවය සැමරී‍ය නොහැකි නිසා බොහෝ දුකින් සිටින අවස්ථාවව අපිට දැක ගැනීමට හැකි විය. දුප්පත් ජනතාවගේ හිසට සහනයක් ලබා දීමට නිරන්තරය කටයුතු කරන දෙව්සිරි හේවාවිදාන මහතා සිංහල හා හින්දු අලුත් අවුරුද්දටය දරුවන් වෙනුවෙන් සිදුකළ දෑ අපමණය.

පාසල් පහක අතිවිශාල දරුවන් ප්‍රමාණයකට අලුත්ම ඇඳුම් පැළඳුම් සහ සපත්තු අරන් දීමෙන් එතුමා නැවතුනේ නැත . එම පාසල් වල විදුහල්පතිතුමන්ලාගේ සහ ගුරුමහත්වරුන්ගේ   ඉල්ලීම පරිදි දෙව්සිරි හේවාවිදාන මහතා සහ ආනන්ද හේවාවිදාන මහතා දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන් බොහෝ දෙනකුගේ ගෙවල්වලට ආහාරපාන සහ තෑගි භෝග රැගෙන ගියේ දරුවන්ගේ සිත අමන්නානන්දයට පත්කරමිනි. තෑගි භෝග රැගෙන නොසිතූ වෙලාවක දරුවන්ගේ ගෙවල්වලට ගිය දෙව්සිරි මහතාගේ පැමිණීම දෙමව්පියන්ගේ හා දරුවන්ගේ පුදුමයට හා සතුට ගෙන දෙන්නක් විය . දෙව්සිරි මහතා දරුවන්ගේ සුව දුක් ද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ගෙන ද සොයාබලා ඔවුන්ගේ පවුල්වල ජීවන වියදම් කෙසේදැයි යන බව සොයාගැනීමට නිවසට ගිය හැමදාම වගේ එතුමා මුලින්ම ගියේ කුස්සියටයි.  සිනාමුසු මුහුණින් ඉතා සතුටින් සිටියත් ඔවුන්ගේ පවුල් විඳින දුෂ්කර තත්ත්වය දැනගැනීමට හැකිවෙන්නේ ඔවුන් එදිනෙදා ආහාරයට ගන්නා ආහාරපාන සහ ඔවුන්ගේ එදිනෙදා ජීවන තත්ත්වය දැක බලා ගැනීමෙනි.  අපේ රටේ දරුවන් සහ පවුලේ අනික් සියලු දෙනා විඳින මෙම දුෂ්කර කටයුත්ත දැක එතුමාගේ සිතේ ඇතිවූයේ කියා ගත නොහැකි දුකකි . 

මෙම දෙමාපියන් සහ දරුවන් ජීවත්වන දුෂ්කරතාවය ගැන ඇසින් දුටු ඒ මහතා සෑම ගෙදරකින්ම පිට වූයේ සිංහල අවුරුද්දට ඉහළින් සැමරීම සඳහා රුපියල් 5000ක් බැගින් දෙමාපියන්ට පිරිනැමීමෙන් පසුවය . මේ අවුරුදු සමයේ තමන්ට රුපියල් පන්දහසක් වැනි විශාල මුදලක් ලබා දුන් විට දෙමාපියන්ගේ සිතේ ඇති වූයේ මහමෙරක් බඳු වූ සතුටකි. ඉන්පසුව දෙමාපියන් හා දරුවන් දෙව්සිරි හේවාවිදන මහතා සහ ආනන්ද හේවාවිදාන මහතාට ඔවුන්ගේ ස්තුතිය පුද කළේ සතුටු කඳුළු සහිතවය.  කියා ගත නොහැකි වූ සතුටත් ස්තුතියත් ඔවුන්ගේ එම කඳුළුවල ඇති බව එතුමන්ලට හැඟී ගියේය.

 මෙවැනි වූ අනේකවිද සේවාවන් සිදු කරන අපගේ ගාලුමිතුරු පදනමේ නිර්මාතෘ දෙව්සිරි හේවාවිදාන මහතා සහ ආනන්ද හේවාවිදාන මහතා ඇතුලු  ගාලු මිතුරු පදනමේ අනෙකුත් නිලධාරී මහත් මහත්මින්ගේ මෙම උතුම්මානුෂීය ක්‍රියා පිළිබඳව විස්තර කිරීමට මාගේ ශබ්ද කෝෂයේ ඇති වචන ඉතාමත් අල්පය.  ලැබූ මිනිස් දිවියේ තණ්හාව, ආශාව අතහැර කිසිඳු අනාගත අපේක්ෂා, බලාපොරොත්තු නොමැතිව එකිනෙකා සමග එකතුවී බෙදා හදාගෙන තමන්ට හැකි පමණින් උදව් කරන මෙවැනි දෙවිවරුන් වැනි මිනිසුන් අද සමාජයේ අතේ ඇති ඇඟිලි ගණනටවත් නැති තරම්‍ ය. මෙවැනි වූ උතුම් සත් ගුණවත් ක්‍රියා සිදුකරන  ගාලුමිතුරු පදනමේ සියලුම ස්වෙච්ඡා  නිලධාරින්ට  තව තවත් මෙවැනි මානුෂීය ක්‍රියා  සිදුකිරීමට ශක්තිය, ධෛර්ය සහ නිරෝගී සම්පත ලැබේවායි යන මාගේ ඒකායන ප්‍රාර්ථනාවයි.

අලුත් අවුරුද්දට  දෙව්සිරි හේවාවිදාන මහතා දරුවන්ගේ නිවෙස් වලට ගොස් ඔවුන්ගේ දුකසැප සොයා බැලූ පින්තූර පහතින් දැකබලා ගත හැකිය.

-ඉමාශා සත්සරණී –

Click the images below to enlarge