Srilanka is going through a severe economic crisis this year . The prices of essential food are going up daily and many parents are unable to support their families . School children are the most affected by this unprecedent situation in the country.
Since 2022 June , UKFG has been offering free lunch to 2000+ children at 12 schools in Kamburupitiya. On 18th and 19th November 22 they extended the programme to Sapugoda Vidyaniketha school with 200 children. This was to commemorate the 130th birth day of the philanthropist and the father of Mr Devsiri, Mr Laksiri and Mrs Chulani, late Mr D .C. Hewavidana . The occasion was also to celebrate the birthday of Mrs Chulani .
In his sermon to the gathering children and staff, the incumbent of Sapugoda Viharaya, Ven Omare Kassapa Theroe described what a wonderful person Mr D.C.Hewavidana was. Thero explained that Mr Hewavidana founded the Ullala school in 1947 to educate local children . Not only that, he had also built temples, social centres for the poor and bought medicine for the patients who could not afford to buy them. He also gave more than 50 scholarships to poor children . Kassapa thero also said that he was delighted to see his two sons Devsiri and Laksiri were following their father’s foot steps and do many charity work to give a better future to the underprivileged Children in Kamburupitiya . The children at the school enjoyed a sumptuous & nutritious meal followed by a deicious ice cream treat given by Mrs Chulani’s son Mr Sidath Abeysiriwardana
In her thanks giving speech the school principal expressed her gratitude to UKFG for the healthy lunch her children received.She said many people in the area appreciate the immense charity work Mr Devsiri had been doing in the area since 2004.
Also on 23rd and 24th November, UKFG extended their free lunch programme to 160 children and staff at nearby Lenabatuwa school. The school Principal, Mr Susura welcomed Mr Laksiri and Mr Ananda Hewavidana and expressed his gratitude to UKFG . Mr Susira explained that most of his children come from very poor families who lived in abject poverty . He also said that these parents could not give a proper meal to their children and they were very grateful to Mr Devsiri and others who organized the free meals program. He expressed the hope that UKFG would come back with more meal offerings in the near future .
වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වයට අනුව අඩු ආදායම්ලාභීන් පමණක් නොව මධ්‍යම ප්‍රාන්තික පවුල්ද ජීවත් වන්නේ ඉතා අසීරුවෙනි. ආහාර වේල් තුන ගත් බොහෝ දෙනා දැන් ගන්නේ දෙවේලක් නැතිනම් එක වේලකි. මෙම ආර්ථික තත්වයෙන් වැඩිපුරම බැට කන්නේ අහිංසක පාසල් දරුවන්ය. මේ නිසා උදෑසන හිස් බඩින් පාසලට පැමිණෙන බොහෝ මල් කැකුළු උදෑසන රැස්වීමේදී ක්ලාන්ත වී බිමටම කඩා වැටෙයි. රටේ අනාගතය බාරගන්න ඉන්න මේ මල් කැකුළුවලට නිසි පෝෂණයක් නැතිව අනාගතය සාර්ථක කරගන්නේ කෙසේද?
බොහෝ ශ්‍රී ලාංකීය දානපතියන්ට වඩා එංගලන්තයේ ලන්ඩන් නුවර වෙසෙන ගාළු මිතුරු පදනමේ නිර්මාතෘ දෙව්සිරි පී. හේවාවිදාන මහතාට මේ බව වැටහී ගියේ පාසල් දරුවන්ගේ වාසනාවකටය. එතුමා මාස කිහිපයක් පුරාවට කඹුරුපිටිය අවට පාසල් 11 කට දිවා ආහාරය පිරිනමා ඇත.
වටිනාම කාරණය නම්, එතුමාගේ දිවංගත පියාණන් වන පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තම පෞද්ගලික වියදමෙන් පාසල් පවා නිර්මාණය කර එතුමාගේ දිවංගත පියාණන් වන ගරු. ඩී.සී. හේවාවිදාන මැතිතුමාගේ සහ දෙව්සිරි මහතාගේ ආදරණීය නැගණිය වන චූලනී හේවාවිදාන මහත්මියගේ ජන්ම දිනය වෙනුවෙන් සපුගොඩ විද්‍යානිකේතන විද්‍යාලයට දින දෙකක් දිවා ආහාරය පිරිනැමීමයි. එපමණක් නොව දරුවන්ගේ සතුට වැඩි කිරීමට චූලනී මහත්මියගේ ඕස්ට්‍රේලියාවේ සිටින ආදරණීය පුත් සිදත් අභයසිරිවර්ධන මහතා අයිස්ක්‍රීම් ලබා දුණි. දරුවන්ගේ කුස පිරීම නිසා ඇති වූ සතුට ඔවුන්ගේ අහිංසක සිනා තුළින් පෙනී ගියේය
වර්තමානයේ බොහෝ දෙනාට ජන්ම දිනයක් වෙනුවෙන් මෙවන් උතුම් කාර්යයක් කිරීමට සිත යොමු වන්නේ ඉතා කලාතුරකිනි. සපුගොඩ පරිවෙනාධිපති ඕමාරේ කස්සප හිමියන් විසින් විශේෂ ගුණ්කථනයක් සිදු කරන ලදී. ඩී. සී. හේවාවිදාන මහතා ගාල්ලේ වවුලුගල වතුයායේ සුපිරින්ටන්ඩ් කෙනෙක් විදියට සේවය කරමින් සමාජයට විශාල මෙහෙවරක් ඉටු කළා විතරක් නෙවෙයි මුළු මහත් සංඝ සභාවට විශාල සහයෝගයක් දැක්වුවා. දුර්ලභ පිංකමක් වන ඇත් දළ පූජාවක් ද සිදු කළා. උල්ලල විදුහලේ නිර්මාතෘ වන මෙතුමා දරුවන්ට විශාල මෙහෙවරක් ඉටු කළා” යනුවෙන් උන්වහන්සේ සඳහන් කළ සේක.
විද්‍යාලීය විදුහල්පතිනී සෝමවතී මහත්මිය ස්තූති කතාව කළ අතර දරුවන් ඉතා සතුටින් ආහාර ගනු ලැබීය. මේ අවස්ථාවට ගාලු මිතුරු පදනමේ ලක්සිරි හේවාවිදාන මහතා ද, ආනන්ද හේවාවිදාන මහතා ද සහභාගි විය.
ජන්ම දිනය වෙනුවෙන් සැනකෙළි පවත්වා තම කුස පුරවා ගන්නවා වෙනුවට අහිංසක දරුවන්ට ආහාර වේලක් සපුරා දීමේ ක්‍රියාව මිල කල හැක්කක් නොවේ.
ඉන් අනතුරුව නොවැම්බර් 23 හා 24දා එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනම විසින්ලේනබටුව උපාලි විජයවර්ධන විදුහලේ දරුවන් 160 දෙනාටම නොමිලේ දිවා ආහාරය සපයන ලදී.
මෙම ආහාර පරිත්‍යාගය සංවිධානය කිරීමට පැමිණි ලක්සිරි හේවාවිදාන හා ආනන්ද හේවාවිදාන මහත්වරු හරසරින් පිළිගත් විදුහල්පති සුසිර මැතිතුමා එම සත්කාරය වෙනුවෙන් ආචාර්ය මණ්ඩලයේ හා හා දෙමවුපියන්ගේ හෘදයාංගම ස්තුතිය ගාලු මිතුරු පදනමට පිරිනැමීය. විදුහලේ ශිෂ්‍ය නායිකාව ප්‍රකාශ කළේ තම පාසැලේ බොහෝ සහෝදර සහෝදරියන් උදෑසන හිස් බඩින් පැසැලට පැමිණෙන්නේ ඔවුන්ගේ දෙමවුපියන් ට ඇති බලවත් ආර්ථික අපහසුතා නිසා බවය. එවැනි අවස්ථාවක ගාලු මිතුරු පදනම ඉදිරිපත් වී ලේනබටුව විදුහල ඇතුළු පළාතේ පාසල් 12ක දරුවන් දෙදහස් තුන්සියයකගේ කුසගිනි නිවීම මහත් පුණ්‍යකර්මයක් බවද ඇය පැවසීය.
ලේනබටුව විදුහලේ දරුවන් ඉතාමත් පෝෂ්‍යදායක හා ප්‍රණීත ආහාර වේලක් රස විඳින අන්දම නැරඹූ ලක්සිරි හේවාවිදාන මහතා කීවේ ඉදිරි මාස කිහිපය තුළත් වරින්වර එම පාසැලට දිවා ආහාරය ලබා දීමට දෙව්සිරි මහතා බලාපොරොත්තු වන බවයි.
Click the images below to enlarge