Donation of Musical equipment to Mapalana, Ullala and Sapugoda Schools

On 4th December 2021, the Chairman of UKFG, Mr Sirisena Gamage visited three schools in Kamburupitiya (Mapalana Junior School, Ullala Central School and Sapugoda Junior school) and donated a considerable number of musical instruments (Harmonium, guitars, keyboards, violins and flutes ) for the children to use. 

These instruments were a generous gift from a Srilankan couple, Ananda and Kumari Wijayasinghe who live in Calgary Canada. Accepting the valuable gifts, Mapalana Principal Mr Saman Meegahawaththa explained that there are many musically talented children in his school but that they could not afford to buy instruments. Due to this, they cannot develop their skills and enter into inter-school music competitions. He expressed his deep gratitude to Mr & Mrs Wijayasingha for filling that gap. He expressed that the gifts were a godsend to his students. 

The principal also said “Music is a great stress-relieving tool that helps to calm the mind of children and enhance their concentration. Although they look very different, mathematics  and music are actually quite similar. Music could be a great way of learning mathematics s in an artistic way! By improving their abilities with a specific instrument and achieving their goals, my children could feel very satisfied and this can greatly improve their self-esteem. Taking risks and facing challenges is essential for a child in order to fully develop his or her potential.”

After handing over the items, Mr Sirisena Gamage addressed the school assembly. He explained that Mr Ananda Wijayasingha is a very close friend of Mr Devsiri and has been a supporter of UKFG for a long time. Having heard that these  school children had no facilities to learn music properly, he had gone out of the way to purchase valuable instruments at a great cost to him and ship them from Canada. 

Mr Gamage also described the benefit of music to the children “As well as being a way of relieving stress, music could also help children to manage their feelings better by expressing them through language. It will give them the chance to externalize their emotion with the instrument they are playing. Those who learn music also learn to be disciplined in their training because that is the key to success.

 

Once you children have grasped the basics of playing an instrument, you will really enjoy playing them. Every song you learn is a personal achievement. If the teachers at this school encourage your skills by listening to them or even singing along, they will have a great time playing the instruments.

I hope to visit your school again in a few months to watch you children play these instruments beautifully, We will send a video of the show to Mr and Mrs Wijayasingha so they see that their donation has been a very useful to children and rewarding for them. “

Principals of Ulalla and Sapugoda schools expressed similar sentiments and thanked Mr Wijayasingha and UKFG

 

සංගීතය යනු වචනාර්ථයෙන්ම කලාවට ළබැඳි සිත් සතන් තුළ මහත් ප්‍රබෝධයක් ඇති කරන්නට සමත් වූවකි. සංගීතය තරම් ලොකු කුඩා සෑම දෙනාගේම ආධ්‍යාත්මය සුවපත් කළ හැකි ඔසුවක් මෙලොව නොමැති තරම්ය. මනස සැහැල්ලු කර ගත හැකි මියුරු වාදනයක් හෝ ගීතයක් වත් අසන්නට අප හට නොතිබුණා නම්  මේ ජීවිතය මොනතරම් නීරස වන්නට තිබුණා ද ?

 

පාසල් දරුවන්ට සංගීතය  තම ආධ්‍යාත්මික ශක්තිය  දියුණු කර ගැනීමට කර ගැනීමටත් මනස සන්සුන් කර ගැනීමත් මහත් රුකුලකි. නවතම සොයාගැනීම් වලට අනුව සංගීතය දරුවන්ගේ මොළයට පුදුමාකාර බලපෑමක් ඇති කරයි. ඉන් කිහිපයක් නම්  භාෂා කුසලතා අත්පත් කර ගැනීම, මානසික නිදහස ලබා ගැනීම,  ශ්‍රවණ සංවර්ධනය, බුද්ධිය හා චිත්තවේගී සංවර්ධනය යි.                       

 

සංගීතය යනු විශ්ව භාෂාවකි. එමගින් විඩාබර සිතිවිලි හා ආත්මය සුවපත් කරයි. සංගීතය සමඟ රැදෙන්නෙකුගේ මනස නිතැතින්ම සුවපත් වේ. එ නිසා කුඩාකල සිටම දරුවන්ට සංගීතය සමඟ වෙසෙන්නට ඉඩහල යුතුය. මේ උදෙසා පාසල් ළමුන්ට සංගීතය ප්‍රගුණ  කිරීමට අවස්ථාව සලසා දිය යුතුය. යහපත් සිතිවිලි වලින් යුක්ත මානසිකව නිරෝගී දරුවෙකු සතුව උසස් රසඥතාවක් පවතී. පාසල තුලින් ද මෙයට විශාල පිටිවහලක් ලබා දිය හැකිය.

 

මෙම අරමුණ පෙරදැරිව පසුගිය දෙසැම්බර්  4  වනදා එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනමේ ගරු සභාපතිතුමා සිරිසේන ගමගේ මහතා විසින්  මාපලාන කණිෂ්ඨ විද්‍යාලයේ, උලල්ල මහා විද්‍යාලයේ හා සපුගොඩ රතනපාල කණිෂ්ඨ විද්‍යාලයේ  දු  දරුවන් හට වටිනා සංගීත භාණ්ඩ රැසක් පරිත්‍යාග කරන ලදී.

රුපියල් ලක්ශ හයක පමණ වටිනාකමකින් යුක්ත  මෙම සංගීත භාණ්ඩ පරිත්‍යාග කරන ලද්දේ දෙව්සිරි හේවාවිදාන මහතාගේ මිතුරන් වන කැනඩාවේ පදිංචි ආනන්ද හා කුමාරි  විජයසිංහ  හා ඔවුන්ගේ ආදරණීය දරුවන් විසිනි.

 සංගීත භාණ්ඩ  ප්‍රදානය කිරීමේ උත්සවයේ දී මාපලාන විදුහලේ  ගරු විදුහල්පති සමන්ත මීගහවත්ත මහතා පිළිගැනීමේ කතාව කරමින් කියා සිටියේ පාසලට විශාල අඩුපාඩුවක්ව තිබුන වටිනා සංගීත භාණ්ඩ පරිත්‍යාග කළ විජේසිංහ මහතා ඇතුළු  පවුලේ සියලු දෙනාට හද පිරි ස්තුතිය පුද කරන බවයි.

 

අධ්‍යාපනයේ අත්‍යාවශ්‍යයම විෂය ධාරාවක් ලෙස සංගීතය කුඩා ළමා මනසට අත්‍යාවශ්‍ය  බවත් නොසන්සුන් කුඩා ළමා  සිත් තැන්පත් කිරීමට සංගීතය දිව්‍ය ඔසුවක් බවත් කියා සිටිමින් සංගීතය දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ආකාරය එම මහතා තවදුරටත්  විග්‍රහ කළේය.

 

ළමුන් තුන්සියයක් පමණ සිටින තමගේ පාසලේ සෑම සිසුවෙකුටම අවම වශයෙන් එක් සංගීත භාණ්ඩයක් හෝ පුහුණු කිරීම තමාගේ එක් අරමුණක් බව විදුහල්පතිතුමා විසින් තවදුරටත් සඳහන් කරන ලදී.

 

දෙව්සිරි පී. හේවාවිදාන මහතා, සිරිසේන ගමගේ මහතා, නිල් කාසන් පවුල හා එක්සත් රාජ ධානියේ ගාලු මිතුරු පදනම මගින් වසර දෙකක් ඇතුළත මාපලාන විදුහලට පුස්තකාලයක්, පරිගණකයක්,මුද්‍රණ යන්ත්‍රයක්, බැඩ්මින්ටන් පිටියක්,ක්‍රීඩා භාණ්ඩ හා පාසල් ළමුන්ට සපත්තු ලබාදීමෙන් කරන ලද මහඟු උපකාරවලට බලවත් ලෙස තම සතුට හා ස්තුතිය  පුදකරමින් මීගහවත්ත මහතා ප්‍රතිඥා  දුන්නේ තම පාසලේ දරුවන් කවදා හෝ රටේ  ඉහළ පෙළේ යහපත් පුරවැසියන් බවට පත් වී ගාලු මිතුරු පදනමට හා එහි දානපතියන් සියලුම දෙනාටම කෙළෙහිගුණ දක්වන බවයි.

Click the images below to enlarge