Donation of Dry Rations for Kahagala Children

At a time when they are in dire straits due to economic difficulties, calamities and other hardships, Devsiri and Ruvini Hewavidana decided to donate dry ration bag s es to a large number of families at Kahagala Sugathapala School . The couple gave away nearly Rs.12,000 worth of goods to fifty-eight families at a personal cost of Rs.16 lakhs. All the families of the school children were given a bag of dry rations worth 12000 Rupees each.  There were 28 essential items such as rice, coconut, lentils, flour, dry milk powder, potatoes , dry fish, salmon , onions, sugar, tea, toothpaste, chocolates,  sweets soap, Panadol in the bags.

Mr. Devsiri Hewavidana, Mr. Ananda Hewavidana, Narandeniya National School Sports Advisor Mr. Ranjith Munasinghe, Miss Imasha Sathsarani, Coordinating Officer UK Friends of Galle Foundation and principals of sister schools were present at this very important event  

The children of the school welcomed Mr Devsiri and other guests with garlands and bouquet of flowers and a hand of betel leaves. The guests came to the beautifully organized ceremony, amid the cheers of the school children. The parents of the children of the school also joined in this event, which was organized with beautiful dances and songs, with great joy.

Addressing the ceremony, Mr. Ranasinghe, the school Principal, pointed out that the value of this act of Mr. Devsiri, He explained that this priceless act  at a time when the people of the village were suffering from severe economic hardship and families going through absolute misery. He described some of the great services rendered to Kahagala School in the past years by UKFG and said that the students of Kahagala School were  very lucky to have received such top level support from Mr Devsiri’s charity . Mr Ranasinghafurther explained that his school  continue to receive such help from Mr Devsiri in the future. After that, a few school children, teachers and parents who addressed the gathering also thanked  Mr Devsiri and his team.   The  tears of happiness were falling from their eyes

Mr. Ranjith Munasinghe, A  Director of local Education Director for Sports who participated in the ceremony, highly appreciated the noble actions of Mr. Devsiri . He further  said that he had never seen anyone helping poor children like this and praised the value of these actions . The girls of the school graced the occasion with beautiful dances and songs and little plays.

Speaking a few words in reply, Mr. Devsiri stated that the happiness of Kahagala children and parents was his happiness too . He said that he decided to make this donation in memory of this his late father Mr D C Hewavidana who was a well known  philanthropist in Kamburupitiya, his mother and his beloved brother Laksiri Hewavidana who passed away suddenly in 2023.

Mr. Devsiri explained that he had no hidden goals such like contest at the local elections, getting a honour from the government or seeking publicity , and his only hope is to see the children of Kahagala School take full advantage of the help given by  UK Friends of Galle Foundation, get a good school education with a  University degrees and serve the country and village to the best of their ability .

After the dancing and singing by the children , the distribution of dry ration bags with 31 food items were started. The parents received the 25 kg bag of goods with indescribable happiness. They  carried the bags  home with tears of joy.

Alsom at the end of the ceremony all children were treated to their favorite food, ice cream

Devsiri Hewavidana, Mr. Ananda and other guests were delighted to see the happy faces of children and parents alike.  There are very few words in the dictionary to say about Mr. Devsiri who engaged in such philanthropic activities in Kamburupitiya . There was great happiness and inexpressible gratitude in everyone’s hearts that he has done such a good deed

May he and his London friends get the strength and courage to carry out such invaluable services in the future.

-Imasha Satsarani

කහගල සුගතපාල විදුහලේ දරුවන් සියලුම දෙනාට රු.12,000ක බඩු මල්ල බැගින් ලබා දෙයි – 2024 මාර්තු 04

ආර්ථික දුෂ්කරතා ආපදා හා අනෙකුත් අපහසුතා නිසා බලවත් අර්බුදයක සිටින කාලෙක දෙව්සිරි හා රුවිනි හේවාවිදාන යුවල විසින් තම පෞද්ගලික වියදමින්  පවුල් විශාල ප්‍රමාණයකට රුපියක් 10,000කට නොඅඩු වටිනා බඩුමලු බඩු මල්ලක් බැගින් ලබාදීමේ මහා පිංකමමෙහි තවත් එක් පියවරක් පසුගිය මාර්තු මස සිදුවිය. ආර්ථික අපහසුතාවයන්ගෙන් සපිරුණූ දරුවන් සිටින පාසල් මූලික කරගනිමින් සිදුකරන මෙම පිංකමෙහි පලමු අදියර වූයේ විටියල  විද්‍යාලයට වටිනා බඩු මල්ලක් ලබාදීමයි. එහි දෙවන අදියර වූයේ දෙව්සිරි මහතාගේ තම පෞද්ගලික මුදල් ලක්ශ 21කින් උල්ලල පාසලේ සියලුම දරුවන්ට රුපියල් 10000ක් වටිනා බඩු මලු ලබාදීමයි. ඒ සිදු කල පිංකමෙන් එම යුවල බොහෝ සේ සතුටට පත් විය.

ඉන් පසුව දෙව්සිරි හා රුනි හේවාවිදාන යුවල එම පුණ්‍ය කටයුත්ත සිදුකිරීමට එතුමා තෝරාගනු ලැබුවේ කහගල සුගතපාල ගොඩවත්ත කණිටු විදුහලයි.  එතුමන් විසින් පවුල් පනස් අටකට රු.ලක්ශ 16 ක පෞද්ගලික වියදමින් රු.12,000කට ආසන්න බඩුමල්ලක් ලබා දුන්නේය. දෙමව්පියන්ට පරිත්‍යාග කළ මෙම  බඩු මල්ලෙහි හාල්,පොල්,පරිප්පු, සීනී,අල, රටළූණු, සැමන්,කරවල‚ පිටිකිරි, තේකොල, චොකලට් බිස්කට්, මාස් මෙලෝස්, සබන් ‚ දත්බෙහෙත්,  වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 31ක් අඩංගු වී තිබුණි. 

ඒ අවස්ථාව සදහා දෙව්සිරි හේවාවිදාන මහතා , ආනන්ද හේවවිදාන  මහතා, නාරන්දෙණිය ජාතික පාසල් ක්‍රීඩා උපදේශක රංජිත් මුණසිංහ මහතා, ගාලු මිතුරු පදනමේ සම්බන්ධීකරණ නිළධාරිනී ඉමාෂා සත්සරණී මෙනවිය  සහ සහෝදර පාසල්වල විදුහල්පතිවරු එක් වූහ.

මෑත කාලය තුළදී රජයේ හෝ පෞද්ගලික දේශීය හෝ විදේශීය  ආයතනයකින් මෙතරම් වටිනා විශාල බඩු සංඛ්‍යාවක් පාසල් දරුවන්  වෙනුවෙන් හෝ දුප්පත් පවුල්  වෙනුවෙන් පරිත්‍යාග කළ බවක් අප අසා නැත. විදේශීය රටවල මෙවැනි කටයුතු කිරීමට පුද්ගලයන් ඉදිරිපත් වුවද අප රට තුළ තම පෞද්ගලික වියදමින් මෙවැනි ක්‍රියාවක් සිදු කිරීමට ඉදිරිපත් වන  පුද්ගලයින් නොමැති තරම්ය. නමුත් දෙව්සිරි  හේවාවිදාන යුවල   විසින් තම පෞද්ගලික වියදමින් මෙය  සිදුකිරීම පිළිබඳව කිසිදු වෙලාවක පසුබට නොවීය. පාසලේ දරුවන් විසින් එතුමාව ඉතා ආදරයෙන් පිලිගනු ලැබුවේ මල් කලඹකින් සහ බුලත් අතක් සමගින් ය. ඉතාමත් අලංකාරව සහ චාම් ලෙස  සංවිධානය කරතිබූ එම උත්සවයට එතුමා පැමිනියේ පාසල් දරුවන්ගේ සිනාපොදි මැද්දේය. අලංකාර නැටුම් ගැයුම් වලින් සංවිධානය කරතිබූ මෙම උත්සවයට පාසලේ දරුවන්ගේ දෙමාපියන් ද එක් වී සිටියේද ඉමහත් ප්‍රමෝදයෙනි.

උත්සවය ඇමතූ ගරු විදුහල්පති රණසිංහ මහතා විසින් ගමේ ජනතාව බලවත් ආර්ථික දුශ්කරතාවයෙන් පෙළෙමින් සිටින අවධියක ඉටුකරන ලද  දෙව්සිරි මහතාගේ මෙම සත්ක්‍රියාවේ වටිනාකම මිල කල නොහැකි බව පෙන්වා දුනි. පසුගිය වසරවල කහගල  විදුහලට කරන ලද මහගු සේවයෙන් බිඳක් විස්තර කරන  ලද එතුමා එවැනි ඉහළම පෙළේ උපකාර ලැබූ හා ඉදිරියේදීත් ලබන කහගල විදුහල් දරුවන් ඉතාම වාසනාවන්ත බවද පැවසීය. ඉන් අනතුරුව  සභාව ඇමතු පාසල් දරුවන් ,ගුරුවරු හා  දෙමාපියන් එතුමාට ස්තුති කිරීමට වචනද මදි විය. දෙමාපියන්ගේ සිත් තුළ තිබුණ ප්‍රීතිය පිටට පෙන්නුම් කෙරුණේ ප්‍රීඔවුන්ගේ ඇස් වලින් වැටෙන සතුටු කඳුලු වලින්‍ අතර ඔවුන් දෙව්සිරි මහතාව දකිනුනේ මිහිපිට ජීවත් වන දෙවිකෙනෙකු ලෙසය

උත්සවයට සහභාගී වූ රංජිත් මුණසිංහ මහතා දෙව්සිරි මහතා මේ සිදු කරන උතුම් වූ ක්‍රියාවන් ඉතා ඉහළින් ඇගයූ අතර මෙවැනි දුප්පත් දරුවන්ට මෙලෙස උදව් කරන් කෙනෙක් එතුමා දැක නැතැයි කියමින් දෙව්සිරි මහතාගේ මෙම ක්‍රියාවන්ගේ වටිනාකම ඉතා ඉහළීන් පැවසුවේය. එමෙන්ම පාසලේ දියණීයන් අලංකාර නර්ථනයන්ගෙන් සහ ගීත, නාට්‍ය වලින් උත්සවය හැඩ කළේය. පිළිතුරු වශයෙන් වචන ස්වල්පයක් කතාකළ දෙව්සිරි මහතා ප්‍රකාශ කළේ කහගල දරුවන්ගේ හා දෙමව්පියන්ගේ සතුට තමන්ගේ සතුට බවයි. එදින මෙම උපකාරය සිදු කළේ මියගිය තම දෙමාපියන් හා 2023 වසරේ හදිසියේ අභාවප්‍රාප්ත වූ ලක්සිරි හේවාවිදාන නම් ආදරණීය සොහොයුරාටද මේ පිං ලැබෙන ලෙස බව එතුමා ඉතා සංවේදීව පැවසුවේය.

ජන්දය ඉල්ලීම , රජයෙන් නම්බුනාම ලබා ගැනීම හෝ ප්‍රසිද්ධිය කරා ගමන් කිරීම වැනි සැඟවුණු පුහු අරමුණූ තමාට නැති බව කී ඒ මහතා තමන්ගේ එකම අපේක්ෂාව කහගල විදුහලේ දරුවන් ගාලු මිතුරු පදනමේ උදව් වලින් සම්පූර්ණ ප්‍රයෝජන ලබාගෙන හොඳට අධ්‍යාපනය  හදරා, සරසවි උපාධි ලබා තම රටට හා ගමට සේවය කරනවා දැකීම පමණක් වන බව පැවසීය.

උත්සවයේ නැටුම් ගැයුම් වලින් අනතුරුව බඩු මලු ලබාදීමේ කටයුත්ත ආරම්භ කෙරුණි. කියාගත නොහැකි සතුටකින් තම දොහොතින් ලබාගත් කිලෝග්‍රෑම් 25ක් වූ  බඩු මල්ල දෙමාපියන් ලබාගනුයේ එතුමාට තුතිපුද කිරීමට එකතු වූ සතුටු කඳුලෙන් ය.

බඩුමලු  ලබාගැනීමෙන් අනතුරුව දරුවන්ද දෙමාපියන් ද සිදුකල අමිල සේවයට දෙව්සිරි හේවාවිදාන මහතාට නැවත වරක් තුති පිදීමට  අමතක නොකලේය. වෙනදට හරි අමාරුවෙන් බර කරතියන් යන මිනිසුන් එදින බඩු මල්ල කරතියා ගියේ කිසිදු බරක් නොදැණි හිතේ උතුරා යන සතුටකින්‍ ය. බඩු මල්ල ලබාගෙන සතුටු වූ දෙමාපියන් දකින විට දෙව්සිරි හේවාවිදාන මහතා, ආනන්ද මහතා ඇතුළු පැමිණී අනෙක් අමුත්තන්ගේ  හිත්වල ඇති වූ ප්‍රීතිය මිල කළ නොහැකිය. අවසානයේ දරුවන්ගේ විනෝදයට ඔවුන් සියලු දෙනාම කැමති අයිස්ක්‍රීම්ද භුක්ති විදීමට ද අවස්ථාවක්ද ලබාදුණි.

මෙවැනි වටිනා ක්‍රියාවන් සිදු කළ දෙව්සිරි මහතා පිළිබඳව පැවසීමට  ශබ්දකෝෂයේ වචන ඉතා අල්පය. වෙනත් කිසිදු පුද්ගලයකු විසින් නොකරන මෙවැනි සත් ක්‍රියාවක් එතුමා විසින් සිදුකිරීම පිළිබඳව සියලුදෙනාගේම හදවත් තුල   ඇත්තේ විශාල සතුටක් මෙන්ම කියා නිම කළ නොහැකි කෘතවේඳී හැගීමකි.

මෙවැනි  වූ අමිල සේවාවන් ඉදිරියේදීත්  සිදු කිරීමට එතුමාට හා එතුමාගේ ලන්ඩන් හිතමිතුරන්ට  ශක්තිය ධෛර්යය ලැබේවායි සියලු දෙනාගේම හදවත් තුළ පවතින ඒකායන ආශිර්වාදයකි.

  • ඉමාෂා සත්සරණී-

Click below to enlarge the photos