Donating a Photocopier to Vitiyala South School

Mr. Devsiri and Mr. Ananda Hewavidana Visted  Kettamulla Vidyalaya Vitiyala South on 9th September 24 to present the school with a photocopier worth 57,000 rupees. Mr Sugath the principal of the school expressed his deep gratitude to UKFG for providing with them a much needed printer / photo copier . He explained that the school would no longer have to spend  considerable sums of money to get exam papers printed from outside . After the handover ceremony the children of Vitiyala Sundara School enthralled the guests with beautiful songs and dances.

Mr Devsiri visited  Vitiyala South School, again on 25th September 2024 he was warmly welcomed by the principal, staff and the children. For the 35th wedding anniversary of the couple Devsiri and Ruwini, The children offered Mr Devsiri hand made greeting cards for his 35th Wedding Anniversary  and entertained the guests with beautiful songs, dances and songs. After that, Mr. Devsiri provided a delicious lunch to all the school children .

 විටියල දකුණු ප්‍රාථමික විදුහලට ඡායා පිටපත් යන්ත්‍රයක්  පරිත්‍යාග කිරීම

දෙව්සිරි හා ආනන්ද හේවාවිදාන මහත්වරු  විටියල  දකුණ කෙත්තමුල්ල විදුහලට පැමිනියේ රුපියල් 57000ක වටිනා ෆොටෝ කොපි යන්ත්‍රයක් තෑගි දීමටය. සුන්දර විටියල  පාසලේ කුඩා දරුවෝ  මනහර ගී නැටුම් වලින් පැමින  සිටි අමුත්තන් ප්‍රබෝධයට පත් කළහ.  දරුවන්ගේ දෙමව්පියන් හා ගුරු මණ්ඩලයට දෙව්සිරි මහතා ලොතරැයි පත් ප්‍රදානය කළ නිසා   හෙට වන විට පාසලෙන් ලක්ෂපතියන් කිහිප දෙනෙකු බිහිවනවාට සැකක් නැත. මේ අද උදෑසන ඒ ප්‍රීතිමත් උත්සවයේදි  ගන්නා ලද ඡායාරූප සමුහයකි මේ

එසේම පසුගිය සැප්තැම්බර් 24 දා   නැවත   දෙව්සිරි පී. හේවාවිදාන මහතා විටියල දකුණ කෙත්තමුල්ල ප්‍රාථමික විදුහලට සපැමිණි අවස්ථාවේ  ගරු විදුහල්පතිතුමා, ආචාර්ය  මන්ඩලය හා දරුවෝ එතුමන් මහත් හරසරින් පිළිගත්හ .  35 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් දෙව්සිරි හා රුවිනි යුවළට සුභ පතමින් තමන් විසින්ම නිර්මාණය කරන ලද කාඩ් පත් එතුමාට පරිත්‍යග කළ දරුවෝ මනහර ගී, නැටුම්, සින්දු වලින් පැමිණසිටි අමුත්තන් පිනවූහ. ඉන්පසු දෙව්සිරි මහතා  විසින්  පාසලේ සියලු දෙනාටම ප්‍රණීත ලෙස දිවා ආහාරය සපයන ලදී .  එම සුන්දර අවස්ථාවේ ගන්නාලද පින්තුරයි මේ

Click below to enlarge the photos