The United Kingdom Friends Of Foundation, founded by Mr. Devsiri . Hewavidana after the Tsunami disaster in 2004, has so far helped the children of 17 schools in Galle and Kamburupitiya by spending more than 250 laks of rupees. UKFG has been able to provide a valuable service to the children because Mr. Devsiri and some of his close British friends’ generously donate their money.
The latest philanthropist couple who joined UKFG in January 2024 are Arthur and Emily Gajewski, who live in Sussex County, England. The first noble task they did was to offer a scholarship worth 60,000 rupees per year to 31 children from schools like Ullala, Mapalana, Sapugoda, who were on our waiting list for a long time.,
The couple who visited our country last February to see the beauty of Sri Lanka, came to Ullala Maha Vidyalaya with their daughter May and son Luke on 23rd February . School Principal, Mr. Nishanka Abeywickrama, faculty members Arthur and Emily, their daughter and son, Mr. Sirisena Gamage. , Mr. Devsiri and Mr. Ananda Hewavidana and other distinguished guests were warmly welcomed.
At the school gates, Arthur Emily and the couple and the two children were welcomed with bouquets of flowers and the school children dressed in beautiful costumes escorted them to the ceremony hall amidst the beautiful music of the band and a thousand applauses. After that, the Ullala children entertained the guests with the most beautiful Eastern dances and songs. Meanwhile, the 25 girls and boys who were newly enrolled at Grade 1 of Ullala College received all the necessary pens, pencils, books, crayons and water bottles from Arthur and Emily on stage , making them very happy. Also, Mr. Dadallage, a businessman in town and the husband of Mrs Udayangani who was a teacher at the school donated the school bags to the children. , Arthur and Emily, and their daughter and son, danced with the students to the delight of everybody. They had a lot of fun. After the event, the generous family provided a delicious meal to all the Ullala children and the staff which they enjoyed very much. When the children were leaving for home the family gave each one sweets and stationery to take home.
After the school event , the Gajewski, family went with Mr. Devsiri to the homes of a few poor children to see the way of their life . The couple, were saddened to see the abject poverty of the families and the helplessness of children. One of the most valuable thing Arthur and Emily did was the provision of high-quality comfortable mattresses , bed sheets and pillows to the homes of the children The thing is to be donated for those children the very next day. They did this generous deed s because of the compassionate love they had in their hearts for the poor and helpless children. There were also a girl called Dinuli and a boy called Thirusha who had bonded with May and Luke respectively during their short visit to the school . Through UKFG Arthur and Emily bought new clothes and shoes not only for the two children but also for all their siblings making them cry with happiness
The following day, Arthur and Emily and their children arrived at Mapalana School. School Principal Mr Meegahawaththa, staff and children gave a grand welcome to Gajaweski family . The foreign guests and Mr. Sirisena Gamage were escorted to the school by the school band amid the applause of the children. At the school hall the distinguished guests were entertained by the wonderful dances and songs performed by the girls. After that, they danced with the school children to everybody’s delight . At the end of the ceremony at Mapalana School, everyone, including the couple, was very happy.
The philanthropic couple who generously awarded scholarships to 31 poor children in 4 schools was eager to see them and their parents face to face . Fulfilling their expectations, UKFG was able to gather all the scholars at Hotel Lake at Lenabatuwa in Kamburupitiya. The Arthur and Emily, Mr. Devsiri Hewavidana, all the principals of the schools UKFG support Mr. Ananda Hewawidana and the scholarship coordinators Mrs. Kasuni Jayatunga and Miss Imasha were there. Mr. Aruna Epikatuwa, the Principal of Sapugoda School made a speech welcoming all the children and the distinguished guests . Then everybody was treated to a very nutritious and sumptuous lunch by the Arthur .
After the meal, there was a colorful event with children’s performing cultural dancing, singing lovely songs and making speeches of Thanks. Mr. Arthur addressed all the attendees and then Mr. Devsiri Hewavidana and Mr. Arthur joined the principals of the schools to sing UKFG’s theme song. After that the Gajaweski family and the scholarship winners joined together to dance to DJ Music , and everyone’s hearts were filled with happiness.
At the end of the event and everyone came together for group photos. Children were clamoring up to be photographed next to the family . Finally Arthur and Emily with their two children said goodbye to the children in a very emotional way. They left Kamburupitiya with very fond memories . UKFG children are hoping that they would come back to see them again.
2024 පෙබරවාරි 23
ආතර් හා එමලි යුවළගේ කඹුරුපිටි පාසල් සංචාරය
2004 වසරේ සුනාමි ව්‍යවසනයෙන් පසු දෙව්සිරි ජී හේවාවිදාන මහතා ආරම්භ කළ එක්සත් රාජධානියේ ගාලු මිතුරු පදනම විසින් මේ දක්වා ගාල්ලේ හා කඹුරුපිටියේ පාසල් 17ක දූදරුවන්ට රුපියල් ලක්ෂ 250කට වඩා මුදලක් වියදම් කරමින් උදව් කොට ඇත. මෙසේ දරුවන්ට අගනා සේවයක් පදනමට සිදු කිරීමට හැකිව ඇත්තේ දෙව්සිරි මහතා හා ඔහුගේ සමීප බ්‍රිතාන්‍ය මිතුරන් කිහිපදෙනෙකු නොමසුරුව තම මුදල් පරිත්‍යාග කරන නිසාය.
2024 වසරේ ජනවාරි මාසයේ අප පදනමට අලුතෙන් එක් වූ දානපති යුවළ වන්නේ එංගලන්තයේ Sussex ප්‍රාන්තයේ පදිංචි ආතර් එමලි ගජේව්ස්කි යුවළයි. ඔවුන් විසින්ම කළ ප්‍රථම උදාර කර්තව්‍ය වූයේ ශිෂ්‍යත්වයක් බලාපොරොත්තුවෙන් බොහෝ කලක් අප පොරොත්තු ලේඛනයේ සිටි උල්ලල, මාපලාන, සපුගොඩ වැනි පාසල්වල දරුවන් 31 දෙනාටම තම පෞද්ගලික මුදලින් වසරකට රුපියල් 60000 වටිනා ශිෂ්‍යත්වය බැගින් පිරිනැමීමයි. ශ්‍රී ලංකාවේ සුන්දරත්වය නරඹමින් පසුගිය පෙබරවාරි මාසයේ අප රටේ සංචාරයේ යෙදුන එම යුවළ සිරිසේන ගමගේ මහතාගේ ආරාධනය පරිදි තම දියණිය May හා පුතු Luke සමඟ උල්ලල මහා විද්‍යාලයට පැමිණිය ගරු විදුහල්පති නිශ්ශංක අභයවික්‍රම මහතා, ආචාර්ය මණ්ඩලය විසින් ආතර් හා එමිලි යුවළ ඔවුන්ගේ දුව හා පුතා, සිරිසේන ගමගේ මහතා, දෙව්සිරි මහතා හා ආනන්ද හේවාවිදාන මහතා ඇතුළු සම්භාවනීයම අමුත්තන් මහත් හරසරින් පිළිගන්නා ලදී.
පාසල් ගේට්ටු අසලදී ආතර් එමලි හා යුවළට හා දරුදෙදෙනාට මල් පොකුරු පිරිනමා පිළිගත් පාසල් දරුවෝ අලංකාර ඇඳුමෙන් සැරසුණු තූර්ය වාදක කණ්ඩායමේ මනහර සංගීතය මැදින් ඔවුන් උත්සව ශාලාවට ඉතා ගෞරවයෙන් කැඳවාගෙන යන ලද්දේ දහසක් අත්පොළසන් මැද්දේය. ඉන් පසු උල්ලල දරුවන් විසින් ඉතාමත් අලංකාර අපරදිග නැටුම් හා ගීත සිංදු වලින් අමුත්තන් පිනවන ලදී. ඒ අතරතුර උල්ලල විදුහලේ පළමුවැනි ශ්‍රේණියට අලුතෙන් ඇතුළත් වූ දූ දරුවන් 25 දෙනාටම අවශ්‍ය පෑන්, පැන්සල්, පොත්පත්, පාටකූරු හා වතුර බෝතල් සියල්ලම ආතර් එමිලි යුවළගේ අතින් එම දරුවන්ට පිරිනැමුණු ලැබුවේ ඔවුන් බලවත් සතුටට පත් කරමිනි. එසේම පළාතේ දානපතිවර ව්‍යාපාරිකයකු හා උල්ලල විදුහලේ ආචාරිනී උදයාංගනී මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ දඩල්ලගේ මහතා විසින් එම දරුවන්ට අවශ්‍ය පොත් බෑග ද පරිත්‍යාග කෙරුණි. පාසල් උපකරණ ලබාදීමෙන් අනතුරුව පාසලේ සිසු සිසුවියන් විසින් සමග නර්ථනයට එකතු වූ ආතර් එමිලි යුවළ හා දුවත් පුතත් බොහෝ සෙයින් විනෝද වුණි.ඉන් පසුව එම දෙපල විසින් උල්ලල දරුවන්ට රසවත් ආහාර වේලක්ද ලබා දුන් අතර දරුවන් එම රසවත් ආහාර වේල භුක්ති විඳිනු ලැබුවේ හරිම සතුටිනි. පාසලේ උත්සවය අවසන් වූ පසු එම දෙපළ දෙව්සිරි මහතා සමඟ දුප්පත් දරුවන් කිහිපදෙනෙකුගේ නිවෙස්වලට ගියේ එම දරුවන්ගේ ජීවන ආකාරය දැකබලා ගැනීමටය. දරුවන්ගේ හා පව්ල්වල අනෙක් අය විදින එම දුඛ්‍යදායක ජීවිත දැක මහත් කම්පාවට හා දුකට පත් වූ එම යුවල විසින් දරුවන් වෙනුවෙන් අපමණ ලෙස උපකාර කළෝය .වටිනාම එක් උපකාරයක් වූයේ නිදාගැනීමට කොට්ට, මෙට්ට හා ඇඳ ඇතිරිලි නැති දරුවන්ගේ නිවෙස් වලට උසස් තත්වයේ සුවපහසු මෙට්ට, කොට්ට ඇතුලු අවශ්‍ය සියලුම දේ එම දරුවන් වෙනුවෙන් ඊට පසු දිනම පරිත්‍යාග කරනු ලැබීමයි. ඔවුන් එසේ කළේ අසරණ දරුවන් කෙරෙහි ඔවුන්ගේ සිත තුළ පැවැති සානුකම්පිත වූ දයාව හා ආදරය නිසාවෙනි.
ඉන් පසු දින ආතර් හා එමිලි යුවල හා දරුවන් පැමිණියේ මාපලාන විදුහලටයි. එම පාසලේදී ද එම දෙපළට පැවැතියේ ඉමහත් වූ පිළිගැනීමකි. පාසලේ තූර්ය වාදන කණ්ඩායම විසින් විදේශ අමුත්තන් හා සිරිසේන ගමගේ මහතා පාසල තුළට කැඳවාගෙන යනු ලැබුවේද දරුවන්ගේ අත්පොළසන් මැද්දේය. ඉන් අනතුරුව උත්සවය ආරම්භ කෙරුණු අතර පාසලේ දියණියන් විසින් ඉදිරිපත් කරනු ලැබූ අපූර්ව නර්තනාංග සහ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ගායනා වලින් එම දෙපළ ඇතුළු දරුවන් ඉමහත් වූ සතුටටත් විනෝදයටත් පත්වුණි. එයින් අනතුරුව පාසලේ දරුවන් සමග එක්වී ඔවුන් ද නර්තනයට එක් වී අපමණ වූ සන්තෝසයක් ලබා ගනු ලැබුවේය. ආතර් හා එමිලි යුවළ ඇතුළු ඔවුන්ගේ දරුවන් දෙදෙනා පාසලේ දරුවන්ට පැන්සල්, පෑන්, පොත්පත් ආදී නොයෙකුත් ද්‍රව්‍ය දරුවන්ට ලබාදෙන ලදී. මාපලාන පාසලේ උත්සවය අවසානයේ එම දෙපල ඇතුලු සියලු දෙනා ඉමහත් සතුටට පත් විය.
ඉන් පසුව පැවතියේ තවත් සුවිශේෂී කටයුත්තකි. වසර ගනණක සිට අපගේ පොරොත්තු ලේඛනයේ සිටි ශිෂ්‍යත්ව අපේක්ෂකයින් 31 දෙනෙකුට එම දානපති යුවළ විසින් ශිෂ්‍යත්ව ලබාදීමෙන් අනතුරුව එම දරුවන් දැක බලාගෙන ඔවුන්ගේ තොරතුරු දැන ගැනීමට එම දෙපළ ආසාවෙන් සිටියෝය. එම බලාපොරොත්තුව් ඉටු කරමින් අපගේ එම ශිෂ්‍යත්ව දරුවන් 31 දෙදෙනාව අපි කඹුරුපිටිය ලේනබටුව Hotel Lake ආයතනයට එක්රැස් කරඟැනීමට හැකිවිය. ආතර් එමිලි යුවළ, දෙව්සිරි හේවාවිදාන මහතා, ගාලුමිතුරු පදනමේ පාසල්වල සියලුම විදුහල්පතිවරු, ආනන්ද හේවාවිදාන මහතා හා ශිෂ්‍යත්ව සම්බන්ධීකරණ නිළධාරීනීන් වන කසුනි ජයතුන්ග මහත්මිය හා ඉමාෂා මෙනවිය එම අවස්ථාවට සහභාගී කරගැනීමට හැකි විය. ආතර් හා එමිල යුවළ ද ඇතුළුව ශිෂ්‍යත්ව දරුවන් හමුවීමේ වැඩසටහන ඉන් අනතුරුව ආරම්භ වුණී. සපුගොඩ විදුහලේ විදුහල්පතිතුමා වූ අරුණ එපිටකටුව මහතා ඉතා හරසරින් පැමිණී සියලු දෙනාවම පිළිගනු ලැබීය. ඔවුන්ට ආතර් එමිලි යුවල විසින් ඉතාමත් පෝෂ්‍යදායී හා රසවත් වූත් දිවා ආහාරවේලක් ලබා දෙන ලදී.
දරුවන්ගේ හිතයි ගතයි දෙකම පිරෙන්න ඉතාමත් ප්‍රණීත ආහාර වේලක් ලේනබටුව හෝටල් පරිශ්‍රයෙන් එම දරුවන්ට සකස් කර දී තිබුණි. භෝජනයෙන් අනතුරුව සුහද හමුව ආරම්භ වූ අතර දරුවන්ගේ ගීත නැටුම් ආදියෙන් උත්සවය වර්ණවත් විය. ආතර් මහතා විසින් පැමිණි සියලු දෙනාම ආමන්ත්‍රණය කළ අතර පසුව දෙව්සිරි හේවාවිදාන මහතාත් පාසල්වල විදුහල්පතිවරුන් සමග ආතර් මහතාත් එකතු වීම අපූර්ව වූ “පියානණි මා නැවත උපන්නොත්” යන ගීතය ගායනා කළෝය. උත්සවයේ අවසාන භාගයේ දී ශිෂ්‍යත්වලාභී දරුවනුත් ආතර් එමළි යුවළ ඇතුළු ඔවුන්ගේ දරු දෙපළක් දෙව්සිරි හේවාවිදාන මහතාත් එකතුවී අපූර්ව ලෙස නර්තනයට එකතු වීමෙන් අනතුරුව සියල්ලන්ගෙම සිත් සතුටෙන් පිරී ඉතිරී ගියේය.
ආතර් එමිලි යුවල එම දරුවන් සමුදුන්නේ ඉතාමත්ම සංවේදීව වන අතර මතක පොතට පැමිණ සියලු දෙනාම එකතු වී සමූහ ඡායාරූප ගැනීමෙන් අනතුරුව උත්සවය අවසන් වූයේ නැවතත් තමාගේ ශිෂ්‍යත්ව දරුවන් බැලීමට ලංකාවට එන බව ආතර් එමිලි යුවල පැවසීමෙන් අනතුරුවය. දුප්පත් දරුවන්ගේ ජීවිත වලට වාසනාව කැටුව ඒමට නිතරම කැපවීමෙන් කටයුතු කරන දෙව්සිරි හේවාවිදාන මහතා ඇතුළු එතුමාගේ ගාලුමිතුරු පදනමේ බ්‍රිතාන්‍ය මිතුරන්ට තව තවත් මෙවැනි උතුම් වූ සත්ක්‍රියා සිදුකිරීමට ශක්තිය, ධෛර්ය වාසනාව ලැබේවා යන ඒකායන ප්‍රාර්ථනාව සැමදාම සැමගේම සිත් තුළ ඉහලින්ම රැඳෙනු ඇත.
-ඉමාෂා සත්සරණී-
එක්සත් රාජධානියේ ගාලුමිතුරු පදනම
Please click on the images below to enlarge