On the 27th March 2024, Ullala Maha Vidyalaya’s inter-house sports event of Kamburupitiya Ullala Maha Vidyalaya was held in a grand manner. This inter-school sports festival, which aims to maintain good physical health of children and improve their sports skills, was very well organized by the principal of the school and the teaching staff. Around 500 parents and villagers gathered to watch this important event, which had created an opportunity for children to showcase their talents creatively.
Before starting the event, the philanthropists of UKFG Mr Shanthi and Mrs Priyani Mendis provided delicious lunch for all the children , staff and parents.
he special guests, the Sports Director of the local Education office , the principals of Mapalana, Sapugoda, Lenabatuwa, Akurugoda Gunarathana and Kahagala schools were garlanded at the school gate and then escorted to the ground by the school band .
The children of the school participated in events representing three houses namely Vijaya, Gemunu and Parakum. Also, we were able to see how the children had arranged their houses in a very creative and attractive way . A girl from the school dressed as Goddess Athena lit the Olympic torch, symbolizing the existence of sports. After that the sports events started and the children showed their skills in those games competing enthusiastically. The relay of the male and female staff members, including the principal of the school, attracted everyone’s attention. Amid the enthusiastic applause of the crowd , the Principal and the school’s sports teacher’s team won the race
The most prominent feature of this year’s sports festival which attracted everyone’s attention was the school’s drill display performed by the school’s female students. The drill show was designed with the most beautiful and varied dance and singing patterns. It was created by the teachers and some former students of the school in such a way that everyone’s eyes were on it . Nobody could take their eyes off this wonderful drill display with music which lasted 14 minutes. (Please see the attached video)
It is correct to say that the drill display at Ullala Maha Vidyalaya was the most popular and attractive one among all other shows held in various schools in the province.
After the very colorful drill , there was a march past by the students .Prizes and certificates were awarded to the children who excelled in various competitions by the Honorable Principal Mr. Nishanka Abeywickrama.
Amidst a thousand applause, the D.C. Hewavidana Challenge Cup was presented to the winning house Vijaya by Mr. Devsiri Hewavidana, the elder son of the late D.C. Hewavidana, well known philanthropist and the founder of Ullala College,
At the end of the inter-house sports festival everyone including the children guests and parents sang and danced to the music of the DJ . The children enjoyed the dancing in the rain and it was very entertaining for the watching crowd. As a very valuable occasion in their lives this festival will always be remembered in the minds of the children of Ullala.
27 මාර්තු 2024
උල්ලල මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
2024 මාර්තු 27 උල්ලල මහා විද්‍යාලයේ ක්‍රීඩා උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. දරුවන්ගේ ශාරීරික සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමත් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් වැඩිදියුණු කිරීමත් සතුට හා විනෝදය අරමුණු කරගත් මෙම පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් ඉතාමත් අපුරුවට සංවිධානය කොට තිබුනි. නිර්මාණශීලී ලෙස දරුවන්ට ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වීමට අවස්ථාවක් සකසා දී තිබුන මෙම උත්සවය නරඹීම සඳහා දෙමව්පියන් හා ගම්වාසීන් පන්සීයක් පමණ රැස්ව සිටියෝය.
උත්සවය ආරම්භ කිරීමට පෙර ගාලු මිතුරු පදනමේ දානපතිවරුන් වූ කැනඩාවේ පදිංචි ශාන්ති හා ප්‍රියානි මෙන්ඩිස් යුවළගේ වියදමින් පාසල් දරුවන් , ගුරු මණ්ඩලය හා දෙමව්පියන් ඇතුලු සියලු දෙනාටම ඉතා ප්‍රණීත ආහාර වේලක් ලබාදෙන ලදී.
උත්සවය ආරම්භ වූයේ විශේෂ අමුත්තන් වූ පළාතේ ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා, මාපලාන, සපුගොඩ, ලේනබටුව, අකුරුගොඩ හා කහගල ගරු විදුහල්පතුවරුන් පෙළහරින් උත්සව භූමියට කැඳවාගෙන යාමෙන්ය.
පාසලේ දරුවන් විජය, ගැමුණු, පැරකුම් ලෙස නිවාස තුනක් නියෝජනය කරමින් ක්‍රීඩා වලට සහභාගි වීය. ඒවගේම එම දරුවන් තමන්ගේ නිවාසය ඉතාමත් නිර්මාණශීලී අන්දමට එකිනෙකාට නොදෙවෙනි ආකාරයට අපූරුවට සකස්කර ගත් තිබූ ආකාරය අපට දැක ගැනීමට හැකි වීය. ඇතීනා දෙවඟනක් මෙන් සැරසුණු පාසලේ දියණියක් ඇතුළු පිරිස ඔලිම්පික් පහන දැල්වූයේ සැමදා ක්‍රීඩාවේ පැවැත්ම සනිටුහන් කරමිනි. ඉන් පසුව ක්‍රීඩා ඉසව් ආරම්භ වූ අතර දරුවන් හරිම උද්යෝගයෙන් එම ක්‍රීඩාවලදි තමන්ගේ දක්ශතා ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අතර පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මන්ඩලයේ සමූහ ධාවන තරගය සියලු දෙනාගෙම අවධානය යොමු කරගනු ලැබුවේ පැමිනි සියලු දෙනාගෙම උද්යෝගීමත් අත්පොලසන් මැද්දේ ය.
මෙවර ක්‍රීඩා උළෙලේ ඉතාමත් කැපී පෙනුණූ සහ සැම දෙනාගේම ආකර්ෂණය වැඩිපුර දිනාගත් අංගය වූයේ පාසලේ අධ්‍යාපනය ලබන සිසුවියන් ඉදිරිපත් වූ පාසලේ සරඹ සංදර්ශනයයි. ඉතාමත් අලංකාර විවිධ වූ නර්තන හා ගායන රටාවන්ගෙන් එම සරඹ සංදර්ශනය හැඩගැන්වී තිබූනි. එය පාසලේ ගුරුවරුන් ඇතුළු පාසලේ ආදි ශිෂ්‍යාවන් කිහිපදෙනෙක් විසින් ම නිර්මාණය කළ තිබුනේ සියලු දෙනාගේම නෙත් වෙනතකට යොමු නොවන අන්දමටය. පළාතේ විවිධ වූ පාසල්වල පැවැත්වූ සරඹ සංදර්ශන අතරින් සියලු දෙනාගේම ආකර්ෂණයත් වැඩිපුරම දිනාගත් සරඹ සංදර්ශනය වූයේ උල්ලල මහා විද්‍යාලයේ මෙම සරඹසංදර්ශනය යැයි කිවහොත් එය නිවැරදිය.
ඉතා විචිත්‍රවත් වූ සරඹ සංදර්ශනයෙන් අනතුරුව පැමිණ සිටි ආරාධිත අමුත්තන්ට සහ අනෙක් සියලු දෙනාටම ආචාර දැක්වීම සඳහා වූ ආචාර පෙළපාලිය පැවැත්වුනි. ක්‍රීඩා වලින් දක්ෂතාවය දැක්වූ දරුවන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනමන ලද්දේ ගරු විදුහල්පති නිශ්ශංක අබේවික්‍රම මහතා විසිනි.
අවසානයේදී ජයග්‍රාහක විජය නිවාසයට හිමි ඩී.සී හේවාවිදාන අභියෝග කුසලානය උල්ලල විදුහලේ නිර්මාතෘ දිවංගත ඩී.සී හේවාවිදාන දානපතිතුමාගේ දෙටුපුත් දෙව්සිරි හේවාවිදාන මහතා විසින් පිරිනමන ලද්දේ දහසක් අත්පොළසන් මැද්දේය
නිවාසාන්තර ක්‍රීඩා උළෙල අවසානයේ දරුවන්ටත් පාසලටත් සොබාදහම විසින් ආශිර්ව කිරීම ට අපූරු මල් වැස්සක්ද ද ඇදහැලුණු අතර දරුවන්ගේ විනෝදය සදහා පැවැත්වූ ඩී.ජේ සංගීතයට දරුවන් ඇතුළු සියලුම දෙනම නටා ගයමින් සතුටු විය. පාසල් කාලය තුළ දරුවෙකුගේ ජීවිතයට ලබාගත් ඉතා වටිනා අවස්තාවක් ලෙස මෙම උත්සවය උල්ලල දරුවන්ගේ සිත් තුල සදා මතකයේ රැඳෙනු ඇත.
Click the images below to enlarge