A Large Donation to Gunaratna Primary School

Mr. Devsiri, the founder of theUK FRIENDS OF GALLE , is doing a yeoman service to poor schools children in Sri Lanka by providing them with books essential equipment and food. On hearing that he was in Sri Lanka in September 2024, Mrs. Anuja, the vice-principal of Mara/Ihalavitiyala Sri Gunaratana Junior College in Kamburupitiya, invited him to come to her school as well. As a result, Devsiri came to Gunaratana Vidyalaya not once but twice . On the first day, Mr. Devsiri treated all the children and teaching staff with delicious ice cream .

When Mr. Devsiri returned to the school on September 24th, he was warmly welcomed by Principal Mr Ajith, Vice Principal Miss Anuja , and the teaching staff . The children escorted the principal and principal and Mr. Devsiri to the assembly hall in a beautiful procession led by the school band. The teachers of the school had created a beautiful cake to celebrate the 35th wedding anniversary of the Mr Devsiri and Mrs Ruvini.  The principal presented it to Mr. Devsiri amid cheering of the children. Mr. Devsiri then fed a piece of delicious cake each to the Principal , teachers and children. After that, the children of Gunaratne School enthralled the guests with beautiful music and dances

Delivering the welcome speech,  Miss. Anuja, the Vice Principal, said that Mr. Devsiri’s visit was a great honor to the school. Principal Mr. Ajith stated in his speech that he got to know Mr. Devsiri about fifteen years ago when he was working as the principal of Gattara School. He explained that Mr Devsiri and his friends donated a beautiful library to his then school

He further stated that he and the principals of neighboring school, children and parents greatly appreciate the help provided by him to 17 schools in the province. Mr. Devsiri in his speech thanked everyone, including the school principal, for receiving him so highly. He observed that the instruments of the school band, such as the drums, were in a state of disrepair, He then  donated 70,000 rupees to the principal for the restoration of the musical instruments amid the applause of the children and the staff . At the end of the ceremony all the children and staff were treated to a sumptuous lunch by Mr Devsiri.

After that Mr. Devsiri sadly bid farewell to Mr Ajith , Miss Anuja and other teachers, promising to return to school without fail in January 2025.

2024 සැප්තැම්බර්  24

කඹුරු පිටියේ ගුණරතනවිදුහලට ලොකු පරිත්‍යාගයක්

ගාලු මිතුරු පදනමේ නිර්මාතෘ දෙව්සිරි මහතා ශ්‍රී ලංකාවේ අගහිඟකම් වලින් පිරිපුන් දූ පුතුන් සිටින පාසල් තෝරාගෙන ඒ පාසල් වලට අත්‍යාවශ්‍ය වූ උපකරණ මෙන්ම ආහාරපාන ලබාදීමේ මහඟු කර්තව්‍යයක් සිදුකරමින් සිටී . 2024 සැප්තැම්බර්  මාසයේ එතුමා ලංකාවට පැමිණ සිටින බව ආරංචි වූ  මුලටියන  කලාපයේ මාර /ඉහළවිටියල ශ්‍රී ගුණරතන කනිෂ්ඨ විද්‍යාලයේ උප විදුහල්පතිනී අනූජා  මහත්මිය එතුමා ට තම පාසලටත් එන ලෙස අරාධනා කළාය.  එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙව්සිරි මහතා එකවරක් නොව දෙවරක්ම ගුණරතන විදුහලට පැමිණියේය. මුල් දවසේ ඒ මහතා විසින් දරුවන් හා ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් ප්‍රණීත යිස් ක්‍රීම් සංග්‍රහයක් පවත්වන ලදී.    

 සැප්තැම්බර් 27 වැනිදා දෙව්සිරි මහතා නැවත පාසලට පැමිණි විට විදුහල්පති අජිත් මහතා,  උප විදුහල්පතිනිය අනුජා මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය එතුමා මහත් හරසරින් පිලිගන්නා ලදී. පාසල් බෑන්ඩ් කණ්ඩායම පෙරටු කොට ගත් අලංකාර පෙළහරකින් දරුවෝ විදුහල්පතිතුමා හා දෙව්සිරි මහතා රැස්වීම් ශාලාවට  කැඳවාගෙන ගියෝය.   දෙව්සිරි  හා රුවිනි හේවාවිදාන  යුවලගේ 35 වෙනි විවාහ සංවත්සරය සැමරීම සඳහා විදුහලේ ආචාර්යවරියන් විසින් නිර්මාණය කොට තිබුණු ඉතා ලස්සන කේක් ගෙඩිය විදුහල්පතිතුමා විසින් දෙව්සිරි  මහතාට පිළිගැන්වූයේ රැස්ව සිටි සියල්ලන්ගේම අත්පොළසන්  මැද්දෙය. දෙව්සිරි මහතා විදුහල්පතිතුමා මිස්ලා  හා දරුවන්ට ප්‍රණීත කේක් කෑල්ල බැගින් කැව්වේ සියල්ලන්ම විනෝදයට පත්කරවමිනි.  ඉන් අනතුරුව ගුණරත්න විදුහලේ කුඩා දරුවෝ මනහර සංගීතයෙන් හා නැටුම්වලින්  අමුත්තන් බලවත් ලෙස   ප්‍රබෝධමත් කළෝය( එම විඩියෝ පහතින් ඔබට දැක ගත හැකිය )

 පිළිගැනීමේ  කතාව කළ උප විදුහල්පතිනී අනුජා මහත්මිය කීවේ දෙව්සිරි මහතාගේ පැමිණීම පාසලට කරන  ලද මහත් ගෞරවයක් බවය.   විදුහල්පති අජිත් මහතා තම කතාවේදී ප්‍රකාශ කළේ තමා දෙව්සිරි මහතා දැනගත්තේ මෙයට අවුරුදු පහළොවකට පමණ පෙර ගතාරේ විදුහල්පති වශයෙන් සේවය කරන අවධියේ බවය. එතුමා විසින් පළාතේ පාසල්  17 කට කරනු ලබන උදව් උපකාර  තමා ඇතුළු විදුහල්පතිවරුත් දරුවන් හා දේමව්පියනුත් බෙහෙවින් අගය කරන බවද එතුමා තවදුරටත් ප්‍රකාශ කළේය.   ඉතා ඉහලින් තමාව පිළිගැනීම ගැන ගරු විදුහල්පතිතුමා ඇතුළු සියලු දෙනාටම  දෙව්සිරි මහතා තම ස්තුතිය පුද කළේය. පාසැල් තූර්ය වාදක කණ්ඩායමේබෙර දවුල් වැනි භාණ්ඩ අබලන් තත්වයේ  තිබෙන බව  තමන් නිරීක්ෂණය කළ බව කිව්  ඒ මහතා සංගීත භාණ්ඩ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විදුහල්පතිතුමාට රු  70,000ක මුදලක් පරිත්‍යාග කළේ  දරුවන් හා ආචාර්ය මණ්ඩලයේ අත්පොළසන් මැද්දේය.     දෙව්සිරි මහතා ඉන් අන්තුරුව සියලුම දරුවන්ට ප්‍රනීත දිවා භෝජනයකින් සංග්‍රහ කළේය

 2025  ජනවාරි මාසයේ නොවරදවාම නැවත පාසැලට එන බවට පොරොන්දු වෙමින්  දෙව්සිරි මහතා ගරු විදුහල්පතිතුමා අනුජා උප විදුහල්පතිනිය හා අනෙකුත් ගුරුතුමියන්ගෙන් කණගාටුවෙන් සමුගත්තේය.

Click below to enlarge the photos